Life

ප්‍රේමයට ජීවිතයට
හාත්පස දහසකුත් දෑ පිස එන
සුගන්ධයට
දුරුත්තට පමණක්ම හිමිවුණ
නිල්ලලෙන් රටා මැවුණු
අහසට.

මා රුධිරය දැවෙයි
සිනහසෙන දෑස් පුරා
කඳුළු දලූලන බව
දනිමි
මහ පොළව ලංකෘතය.
මම එය හඬගා කියමි.

කවිය ද එබඳුමය
විටෙක එය අහරක් වැනිය
සැම දෙන පිණිසවන

කිසිදා හැරනොයන අපේක‍ෂාව
නාරටියක් සේ මා තුළ වැඩෙයි
නිසැකවම
සහොදරත්වයේ රුධිරය
ජීවිතය සඳහාවන අරගලය
ප්‍රේමය
මහ පොළවේ ලංකෘතබව
ජිවිතයේ සිඟිතිම දෙය රැගෙන
ඔබ සැමගේම කවිය වෙමි.

රොකේ ඩෝල්ටන්

රොකේ ඩෝල්ටන් (1935- 1975) එල් සැල්වදෝරයේ වාමාංශික කවියෙකි. පුවත්පත් කලාවේදියෙකි. ගරිල්ලා සටන්කරුවෙකි. ජීවිතය මරණය සහ ප්රේමය ඔහුගේ කාව් සඳහා තේමා විය. දිගින් දිගටම අත් අඩංගුවටපත්වු රොකේ අනතුරුව එල් සැල්වදෝරයේ විමුක්ති අරගලයට උද්යෝගිමත් ලෙස එක්විය. පසුව මේ සටන්කරුවා සී අයි කුමන්ත්රණයක් තුළින් ඝාතනයට ලක්විය. වර්තමානයේ ඔහුගේ ගීත නිර්මාණ ලතින් ඇමරිකානු කළාපය පුරාම ජීවිතය ප්රේමය සහ අරගලය පිළිබඳ අපේකෂාවන් දල්වාලයි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s