“කෙසේ නමුත් සරත් ෆොන්සේකා මහතා අද පත්ව ඇති ඉරණම පිළිබඳ ව නම් කණගාටුය. එහෙත් පූජාසනයේ යෙහෙන් වැජඹෙන්නට හැකියාව තිබියදී ඔහු එයට පයින් ගැසීම කවරෙකුට වැළැක්විය හැකිද?”

අගෝස්තු 22 වන ඉරිදා ජාතික පුවත්පතක තීරු ලිපිය ජෙනරාල් ෆොන්සේකා දේවත්වයට පත්වීමේ පරමෝත්කර්ෂය අහිමි කර ගැනීමෙන් වේදනාවට පත් ලියන්නෙකු විසින් මේ සටහන තබා තිබුණි.

2009 වසරේ මැයි මාසයේ යුධ ජයග‍්‍රහණයත් සමග ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ පිළිරූ හන්දියක් හන්දියක් ගානේ ඉදිකළ යුතු බව ප‍්‍රකාශ වූයේ රාජ්‍ය මාධ්‍ය තුළිනි. ඔහු යුධ හමුදාපති ධූරයේ සිටි අවස්ථාවේදී දැයේ විරුවා විය. නව මසක් ගතවීමට මත්තෙන් කරුණු කාරණා කණපිට හැරී තිබේ. 2010 වසරේ මාර්තු 16 වෙනිදා ආරම්භ කරන ලද පළමු යුධ අධිකරණයේ තීන්දුව පසුගිය 13 වෙනිදා ලබාදී තිබුනි. ඒ අනුව ෆොන්සේකා මහතා අපකීර්තිමත් ලෙස නිලයෙන් නෙරපා හැර තිබේ.

අප කතා කරන්නට සුදානම් වන්නේ එම තීන්දුව හෝ එහි දිග පළල ගැන හෝ නොවේ. මේ තීන්දුවත් සමග ඒ පිළිබඳ සමාජ අවනතභාවය ගොඩනැංවීම සඳහා සිදුවූ අපුරු මාධ්‍ය භාවිතාවන් පිළිබඳ වය.

යුධ ජයග‍්‍රහණයත් සමග ෆොන්සේකා මහතා ඉන්ද්‍ර දෙවියා බවට පත් කරන ලද්දේද මෙම මාධ්‍ය විසින්මය. මීට මාස නවයකට පෙර මෙම ලියන්නන් (පුවත්පත් ඇසුරින් නිරීක්ෂණය කිරීම වඩාත් පහසුය﴿ ෆොන්සේකා මහතාගේ රශ්මි කදම්බය සූරා ගනිමින් තම පත්තර පිටුවල අයිසින් තවරා ගත්හ. ලෝකයේ හොඳම යුධ නායකත්වයෙන් භෞතීස්ම කළහ. ඔහුගේ නොවරදින නොපසුබට යුධ සැලසුම් පිළිබඳ ප‍්‍රශස්ති ගැයුහ. නමුත් අද ෆොන්සේකා මහතාගේ කරමත තබා ඇති කුරුසියට නැගී ඔවුන්ම තම ගොරකා දඩමස් කිරීමේ නීච මාධ්‍ය භාවිතය පුහුණු කරමින් සිටියි.

රාජ්‍ය මාධ්‍ය සහ කොඳු නාරටි කඩාදමා අවනතභාවයේ – දීනභාවයේ පතුලටම ගෙනවුත් ඇති පෞද්ගලික මාධ්‍ය තුළත් අගෝස්තු 14 වෙනිදා සිටම මේ පක්ෂග‍්‍රාහිත්වය හඳුනාගත හැකිවිය. සත්‍ය ජනතාව විශ්වාස කළයුතු බවට කේන්ද්‍රය විසින් තීන්දු කල මතය තහවුරු කිරීමේ නිවට ප‍්‍රයත්නය වෙනුවෙන් අකුරු ගැටගැසිනි.

ජාතික පුවත්පතක 2010 අගෝස්තු 22 වන ඉරිදා 5වන පිටුවේ සඳහන් ලිපිය වෙත අපි නැවත හැරෙමු. (මෙය සුවිශේෂී තෝරා ගැනීමක් වන්නේ ඉහත විග‍්‍රහයට අදාළ ලිපි සියල්ලගේම අන්තර්ගතයෙන් මෙම ලිපිය පොහොසත් බැවිනි﴿

“… පූජාසනයේ යෙහෙන් වැජඹෙන්නට හැකියාව තිබියදී ඔහු එයට පයින් ගැසීම කවරෙකුට වැළැක්විය හැකිද? ”

එසේනම් ෆොන්සේකා මහතා සිදුකර තිබෙන වරද වන්නේ පූජාසනයේ වැජඹීම ප‍්‍රතික්ෂේප කිරීමයි. රාජපක්ෂ පාලනය සමග එක කඳවුරකට ගොනුවී සිටියා නම් ඔහුට සදාතනිකවම පූජාසනය හිමිවනු ඇති බව එහි අනියමාර්ථයයි. පවත්නා පාලන තන්ත‍්‍රයට එරෙහි අනික් පසින් පොදු අපේක්ෂකයා ලෙස තරඟ වැදීම ෆොන්සේකා මහතා සිදුකල දිඨිඨධම්මවේදනීය පාපකර්මයයි.

ශ‍්‍රී ලංකා ඉතිහාසයේ යුද ජයග‍්‍රහණ පරිච්ෙඡ්ද නියෝජනය කළ ජනාධිපතිවරයා සහ එම මෙහෙයුමට අණදුන් සෙනෙවියා මුහුණට මුහුණ නැගී සිටියහ. ඔවුන් අතර විවිධ ගැටලූ ප‍්‍රතිවිරෝධතා පැවතීම විය හැක්කකි. නමුත් පැවති ජනාධිපතිවරණ සටන වූ කලි සමානයන් අතර සටනක් නොවීය රාජ්‍ය මාධ්‍ය රාජ්‍ය සම්පත් මෙන්ම සදාචාර විරෝධී විවිධ උපක‍්‍රමද යොදා ගැනින. මැතිවරණ කොමසාරිස්වරයාගේ ක‍්‍රියාකාරිත්වය වෙසෙසින්ම සැක සංකා ගෙන ආවේය. රාජ්‍ය මාධ්‍ය මැතිවරණ දිනයේ කටයුතු කළ ආකාරය මේ පිළිබඳ සටහන් කිිරිමේදි ප‍්‍රමාණවත්ය.

ෆොන්සේකා මහතාගේ පරාජය විග‍්‍රහ කිරීමේදී අද එය තුලනාත්මකව විමසීමකට ලක් වන්නේ නැත. මතු කී ලිපිය තුළ එම ප‍්‍රතිඵලය හෑල්ලූවට ලක් කරන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ඡුන්ද ප‍්‍රමාණය හෝ ලබා ගැනීමට ෆොන්සේකා මහතාට නොහැකි වූ බව ප‍්‍රකාශ කරමිනි.

”… යුධ වීරයා දේශපාලන වශයෙන් අනාථ විය. රනිල් වික‍්‍රමසිංහ මහතාට වඩා සිංහල බෞද්ධ ඡුන්ද ආකර්ශණය කරගත හැකිවේදැයි ප‍්‍රාර්ථනයෙන් ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් කළද ඔහුට රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ඡුන්ද ප‍්‍රමාණයටවත් ළඟාවිය නොහැකි විය.”

නමුත් පවතින තත්වය හමුවේ වික‍්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුයේ නම් එය ඉතිහාසයේ කණගාටුදායකම මැතිවරණ පරාජය වනු නියතය. (පොදු අපේක්ෂකයා වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ බලවේගය නායකත්වය විසින් හැසිරවු ආකාරය වෙනම කතාවකි﴿ එමෙන්ම මැතිවරණ පරාජයෙන් පසුව ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම පවා විවාදයට තුඩු දෙන්නකි. ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී තනතුර යුධහමුදා නීතිය යටතේ ස්ථාපිත වුවක් නොවේ. එය පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපනය කරන ලද්දකි. 2009 අංක 35 දරණ පනතට අනුව පිහිටවූ මෙම තනතුර හමුදා නීතියට යටත් නොවන බව නීති විශාරදයන්ගේ මතයයි.

අත්අඩංගුවට ගත් 2009 ජුලි 19 දින වනවිට ෆොන්සේකා මහතා යුධහමුදාපති ධූරයෙන් ඉවත්ව මාස හයක් සහ දින 20ක් ගතව තිබිනි. නමුත් මේ තත්වය තමන් විසින්ම දේශපාලන විචාරකයන් බවට පත්ව සිටින ලියන්නන් වටහාගෙන නොමැත. යුධ අධිකරණයට පවා ෆොන්සේකා පාර්ශවයේ විරෝධතා දක්වන ලද්දේ නිශ්චිත කරුණු සහිතවය. නමුත් ඒ සියල්ල නොතකා හැර ඇත.

දැන් ප‍්‍රතිඵලය ලැබී තිබේ.

අපි නැවත පෙර කී ලිපිය වෙත යොමුවෙමු. එහි එක් තැනක මෙසේ සඳහන් වෙයි.

”2009 නොවැම්බර් 29 වෙනිදා සිට දේශපාලනයට සම්බන්ධ වීමෙන් පසු ඔහු කළකී දෑ තුලින් සිදුවුයේ යුධ වීරත්වය විනාශවී යාම පමණි. දේශපාලනයද යුධ කලාවද එකිනෙක වෙනස්ය.

පුවත්පතක මුද්‍රිත පිටු අතරේ මෙවැනි සටහන් තුළින් ෆොන්සේකා කතා පුවත ඉතිහාසයෙන් මකා දැමීමට තැත් කිරීම බොළඳ ප‍්‍රයත්නයකි. එමගින් කියා පාන්නේ පවතින පාලක රෙජිමයට එරෙහි කිසිදු ප‍්‍රතිවාදියෙකු නොසිටිය යුතු බවයි. කිසිම අභියෝගයක් නොපැවතිය යුතු බවයි.

සරත් ෆොන්සේකා යුද්ධය දිනලා දුන්නා ඒක අපි පිළිගන්නවා. ඒත් මොන පිස්සුවටද ජනාධිපතිවරණයට ගියේ. වරද ඒකයි.

මේ ප‍්‍රකාශයන් ඔස්සේ සමාජගත කරන්නට දරණ පණිවිඩය එයයි.

එහෙත් සරත් ෆොන්සේකාට ඡුන්දය ඉල්ලන්ට බැරිද?

කුලී ලියන්න් තම පෑන හසුරුවන්නේ මෙම සත්‍ය අමතක කර දමාය. යම් හෙයකින් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කලේ නම් මේ ලියන්නන් වික‍්‍රමාන්විත ප‍්‍රශස්ති ගැයීමෙන් ලේ වාෂ්ප කරගනු ඇත. දැන් තරු ගලවා හමාරය. අපි හෙට දවසේ කේ.පී වෙනුවෙන් ලියවෙන ප‍්‍රශස්ති කියවීමට බලා සිටිමු.

Advertisements

1 Comment

Filed under Uncategorized

One response to “

  1. Dear writer, In short and sweet, please watch this video part it expalins evrything about mr. sarath Fonseka; http://www.youtube.com/watch?v=YYIuDTDT06o&feature=related

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s