ප‍්‍රගීත් එක්නැලිගොඩ නැමැති බොහෝ දෙනා නොදත් මාධ්‍යවේදියාගේ විඩාබර මුහුණෙන්  නැවත වතාවක් නගරයේ තාප්ප බිත්ති අතරින් පතර වැසී ගියේය. මේ සටහන තබන දින වනවිට ප‍්‍රගීත් අතුරුදහන් කර දින 200 කි. නමුත් ප‍්‍රගීත් නොපැමිණියේය. එදා එහු සැඟවී ඇතියි කියූ කිසිවකු ඔහු කැඳවාගෙන පැමිණියේද නැත. ඒ වෙනුවට ඔහු තාප්ප බිත්ති වල සිට තම විඩාබර දෙනෙතින් මඟතොටෙහි ඇවිද යන ජනතාව දෙස බලා සිටියේය. ඔහු බලා සිටියේ සමාජය දෙසය. අතුරුදහන් කල, මාධ්‍යවේදීන් ඝාතනයට ලක්කල සමාජය දෙසය. මේ සටහන තැබෙන්නේ ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කරලීමෙන් දින 200 පසු ලාංකේය සමාජය සහ එහි සාමුහික හෘද සාක්‍ෂිය පිළිබඳ කථා කරන්නටය.

අපි පළමුව ආචාර්ය මර්වින් සිල්වාගේ සිට දේශපේ‍්‍රමී විරවංශ දක්වාත්, පරාක‍්‍රමබාහු යුගය සිනහවෙන් පිරවූ රනිල් වික‍්‍රමසිංහ පසුකරමින්  මහින්දාගමනයෙන් පසු ශ‍්‍රී ලංකාවේ අයිතිකරුවා නොව භාරකරුවා ගේ මහින්ද චින්තනයේ් තලූමරන ඉතිහාසයෙන් පටන් ගනිමු. ඉතිහාසය ස්වයංපෝෂිතව තිබිණි. නමුත් එකවරම හමා ආ බටහිර අධිරාජ්‍යවාදි සුළඟිින් එය ගසාගෙන ගියේය. සාඩම්බර ඉතිහාසයේ සීමිත අවස්ථා ගණනාවකදී හැර රාජාණ්ඩු පාලන සමයන් තුළ සැබෑ ජනතා ව්‍යාපාර සඳහා ඉඩකඩ විවරකරගත හැකි වූ බවක් නොපෙනෙයි. (එක්කෝ එය ඉතිහාස රචකයින් විසින් නොතකා හැරියා වන්නට පිළිවන.* විවර වුවද එය වහාම තලා මොටකර දැමුනි. ඒ සඳහා අනේක විධ සතුරු හා මිතුරු පාර්ශව එක මිටකට එක් වූ අවස්ථා අද මෙන්ම ඉතිහාසය පුරාම කියවාගතහැක.

වඩාත් පරීක්‍ෂාකාරීව බැලූවීට අතීතයේ සිටම සමාජයට ඉහලින් සිටින පාලකයෙකුගේ අවශ්‍යතාවය සමාජය විසින් ඉල්ලා සිටියේය.

අධිරාජ්‍යවාදී පාලනය මෙම ගැති මානසිකත්වයට සළුපිළි හැඳවීම හැර කිසිත් නොකලේය. රේන්ද කරුවන් – පතල් කරුවන් – කොන්ත‍්‍රාත් කරුවන් අනතුරුව පැමිණියහ. සුපුරුදු පරිදි ඊනියා නිදහසින් පසුව සමාජය නැමැති කවන්ධය මොවුන්ගෙන් ඉල්ලා සිටියේ තමන්ව පාලනය කරන ලෙසයි. තමන් පාලනය වන බව ශරීරගත වීමට තලාපෙලා අඩම්තේට්ටමට ලක්වීම, කුසගින්නේ නොමැරී මැරීම වැනිදේ නිර්ණායකයන් විය.

ඉල්ලා සිටි පීඩනය මත උත්තරා රෝපිත ධනවාදය එහි සටහන් තබන්නට විය. තැරැුව්කාර වෙළඳ පංතිය සහ ඔවුන්ගේ උගත් දරුවන් පරපුරේ පීඩනය සහ සූරාකෑම සහිත මෙහෙයවීම පශ්චාත් විජිත සමාජය විසින් ඉල්ලා සිටියේය. සර්ව ජන ජන්ද බලය 1932 වසරේ ඩොනමා්ර් යෝජනා තුළින් ඉදිරිපත් විය. ඒ සඳහා සාක්‍ෂර තාවය, ස්ත‍්‍රි පුරුෂ භාවය වත්කම වැනි සාධක අවශ්‍ය නොවීය.

බුද්ධිමත් ජනතාව ව්‍යවස්ථාදායකයේ අපේක්‍ෂකයන්ගේ දන්සැල්වලින් බඩ පැලෙන්නට කා අරක්කුු බී අකුරටම සර්ව ජන ඡුන්දයේ අනුහස සටහන් කලහ. එදා පාලනය නිසැක ලෙසටම අරක්කු වාෂ්පයෙන් හා බත් ගොටිටෙන් තීරණය වී තිබිණි. දැන් අද අපට මේ තරු පහේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඔස්සේ මහින්ද චින්තනය තුළින් සුභ අනාගතයක් වෙත පැමිණිමට හැකිව තිබේ. සමාජය දශක හැටක් පමණ සුපුරුදු ගැල් ගමනේම ගමන් කර තිබේ.

විිධායක ජනාධිපති ධුරයේ අනුහස සහිතව පැවති ජනාධිපතිවරණයේදී ජනාධිපති මංදිරය, කාල්ටන් නිවස, තරුපහේ හෝටල මෙන්ම ප‍්‍රදේශිය ජනාධිපති මංදිරද දානශාලා බවට පත්විය. ප‍්‍රතිඵලය නියත විය. වීරවංශගේ සිට ජොන්ස්ටන් දක්වා වූ සියලූ දේශපාලන බම්මන්නන්ට මහ මැතිවරණයේදී එය නොවරදින සූත‍්‍රයක් විය.

දශක හයකට පෙර බඩ පැලෙන්නට සප්පායම් වී තම අනුග‍්‍රහයකයන්ට හිමි වර්ණය සහිත චන්ද පෙට්ටියට ඡුන්දය ප‍්‍රකාශ කල මිනිසුන්ම 2010 වසර වනවිට අපට හමුවන්නේ ලාංකේය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ තරම පෙන්වමිනි. දශක ගනනාවකට පසු අන්ත ¥ෂිත භාවයෙන් ශ‍්‍රී ලංකාවේ දේශපාලන දේහය අපවිත‍්‍ර වී තිබෙන අතර සමස්ථ නිළධාරී තන්ත‍්‍රයේ කො¥ නාරටිය ද දේශපාලන නායකත්වයට පහසුවෙන් මෙහෙයවිය හැකි පරිදි බිඳ දමා තිබේ.  විදේශ ප‍්‍රතිපත්තිය වඩ වඩාත් දීන භාවයට පත්ව ඇති අතර ආදායම් විශමතාවය ද ඉහලම අගය වෙත පැමිණ ඇත. ඔනෑම විදේශිය බලවේගයකට පහසුවෙන් සූරාකෑ හැකි අන්දමින් දේශිය ආර්ථිකය පත්කර ඇත්තේ ඛේදවාචකයකටය. දැන් දැන් ශ‍්‍රී ලංකාව සූරාකෑම සඳහා තරඟය ඇත්තේ විදේශීයව බලවේග සහ දේශිය තැරැුව් කරුවන් කිහිපදෙනෙකු අතරය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය, භාෂණයේ නිදහස, යහපාලනය පාලකයාගේ කැමැත්ත බවට ස්ථානගත කර තිබේ. සමාජය නිර්වින්දනයට ලක් කර හමාරය. පීඩනය තව තවත් පීඩනය සමාජය විසින් ඉල්ලා සිටියි.

ප‍්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කර දින 200 ක් ගතව ඇති බව සමාජයට සිහිගන්වන්නේ මෙැනි වාතාවරණයක් තුළ හිඳිමිනි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මළගම සනිටුහන් කරමින් සිදුවීම් පෙළගැසෙද්දී පවා සමාජය ප‍්‍රකාශ කර සිටියේ තවදුරටත් හීලෑ වීම සඳහා ඇති කැමැත්තයි. 2010 වසරේ පැවති මැතිවරණ නීතිය හා සාමය ආරක්‍ෂා කිරීම, අපක්‍ෂපාති මාධ්‍ය භාවිතය සාධාරණ මැතිවරණ ක‍්‍රියාවලිය පිළිබඳ තුට්ටුවකටවත් මායිම් නොකල මැතිවරණයන්ය. විශ්වාස කිරීමට පවා නොහැකි ජයග‍්‍රහනය සන්ධාන ආධාරකරුවන් පවා විමතියට පත් කලේය.

එකල සිනහවට ලක්වූ කම්පියුටර් ජිල්මාට් පිළිබඳ ප‍්‍රකාශය පසුව පැවැත්වූ මහ මැතිවරණය තුළ යථාර්ථයක් බවට පත්කරන ලද්දේ ජයග‍්‍රාහී සන්ධානයේම පරාජාත අපේක්‍ෂකයන්ගේ කඳුළු මැසිවිලි සහ කෙඳිරිලි තුළිනි. නමුත් රාජ්‍ය බලාධිකාරය තුළින් පැමිනෙන මතය ප‍්‍රශ්න නොනගාම භාරගන්නා සමාජය එය නිහක්‍ෂ එකඟතාවය තුළින් පිලිගනියි. ජයග‍්‍රහනයෙන් පසුව පළමු මාධ්‍ය සාකච්ඡුාව පවත්වමින් ඩලස් අලහප්පේරුම අමාත්‍යයවරයා ප‍්‍රකාශ කර සිටියේ මැතිවරණයේ ඡුන්ද ප‍්‍රකාශ කිරීම මෑත පැවැත්වූ ඇෆ්ගන් මැතිවරණයට සාපේක්‍ෂව ඉහල මට්ටමක පවතිණ බවයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ අත්දැකීමෙහි පතුලේ සිටින ඇෆ්ගනිස්ථානය හා ශ‍්‍රී ලංකාව සැසඳීමෙන් අනතුරුව වුව මේ ජුගුප්සාජනක රංගනය සමාජය විසින් ඉවසා දරා සිටියේය. ජනාධිපතිවරණයෙන් අනතුරුව ප‍්‍රතිවාදී අපේක්‍ෂකයා විවිධ චෝදනා නගමින් සිරගත කරනවිට සමාජය නිද්‍රාගත විය. විධායකයේ ක‍්‍රියාකාරකම් වලට එරෙහිව මල්වතු අස්ගිරි මහානායක හිමිවරු සංඝ සම්මේලනයකට සූදානම් වීම සමාජ හාද සාක්‍ෂිය අවදි කරලීම පිණිස වූ සුවිශේෂි අවස්ථාවකි. නමුත් ඒ තැත ලත්තැනම ලොප් කිරීමට පාර්ළිමේන්තු භික්‍ෂු ත‍්‍රස්තවාදයේ මෙහෙයුම් කරුවන්ට හැකිවිය. රුහුණු විශ්ව විද්‍යාල සිසුවාගේ ඝාතනය පොලිස්පති වරයා විසින් බස්සෙකුගේ තටු අතර සඟවන විට සමාජය නිහක්‍ෂ විය.

ඊලාම් යුධ සිතියම හකුලා දැමූ ජනරාල් සරත් ෆෙන්සේකාගේ පළමු යුධාධිකරණ තීන්දුව පිටතට පැමිණියේ දේශපාලන සදාචාරය යළි ප‍්‍රශ්න කරමිනි. යුද්ධයේ සැබෑ සැලසුම්කරුවාගේ තරු ගලවා දැමීමට ජනාධිපති වරයා අවසර ලබා දුන්නේ එය ප‍්‍රකාශවී අභියාචනයකට හෝ කල් නොතබාය. ඒ අතරම කේපී එල්ටීටීඊ සංවිධානයේ ජාත්‍යන්තර මහ මොළකරුවා මෙන්ම පළමුපෙළ නායකයා වෙත ගෞරවාන්විත හමුදා නිළයක් ලබාදීමට සැලසුම් සැකසෙන බව මාධ්‍ය සඳහන් කරයි.

මේ සියල්ලම තුළ සමාජය නිහැඬියාවක ගිලී තිබේ. සමාජ හෘද සාක්‍ෂිය නිහක්‍ෂ කරවා තිබේ. නිහක්‍ෂතාවය විසින් සත්‍ය මරාදමා තිබේ. සාමුහික හෘද සාක්‍ෂියට වෙඩි තබා තිබේ. යුක්තිය – නීතිය – සදාචාරය මේ සියල්ලම රාජපක්‍ෂ රජයේ කැමැත්ත බවට පත්කරනු ලැබ ඇත. එම තීරණ දැනටමත් මෘතදේහ බවට පත්කර තිබෙන ආයතනික ව්‍යහයන් හරහා සමාජයට ප‍්‍රදර්ශනය වීමට අවකාශ සලසා ඇත. එය ඛේදවාචකයකි. ආපසු හැරී බැලූවහොත් සැබැ ඛේදවාචකය පවතින්නේ මේ සංදර්ශන සියල්ල පිළිගන්නා සමාජය තුළම බව ප‍්‍රතික්‍ෂේප කලහැකි නොවේ.

අද ප‍්‍රගීත්ගේ පෝස්ටර් ඉදිරිපිට ඇත්තේ එම වෙඩි වැදුණු සමාජයයි. වෙඩි වැදුණු හෘද සාක්‍ෂියයි.

Advertisements

Leave a comment

Filed under Uncategorized

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s