නිරිතදිග මෝසම් වැසි වලින් තෙත බරිත වූ සමාජය තවමත් අළු පාට අන්ධකාරයෙන් වැසී ගිහින්. වසරක යුධ ජයගහ‍්‍රනය පිළිබඳ මතකය අවදි වුනේ තහනම් වචනයක් සමගින්. මැති ඇමති වරුන් සුපිරි වාහන වලින් ගමන් කරති. සුපිරි ප‍්‍රාසාද වල දිවි ගෙවති. ඔවුන්ට ප‍්‍රාසාද සුපිරි නිවාස, විදේශ සංචාර ලබාදුන් මිනිසුන් ගංවතුරේ තම දරුවන් අතදරා කිමිදෙති. සමාජය පුරාම ඇත්තේ පරාජිත බවකි. එය තවමත් එක් නිමේශයක නැවතුණු තැනමය.

“කිසි දේකින් වැඩක් නෑ.”

“මේ රට මේ මිනිස්සු හදන්න බෑ.”

“ ඕව කරල වැඩක් නෑ.”

“ආයේ ඡන්දෙ දෙන්න යන්නෑ.”

මට ඡන්ද පෙට්ටියවත් රැකගන්න බැරි වුණා. මැතිවරණ කොමසාරිස්කමෙන් වැඩක් නැති බව කියා ගෙදර යන්නට හැදුවේ මැතිවරණ කොමසාරිස් වරයාය.

එසේ කියු ඔහු තවමත් තරුණයෙකු මෙන් ස්වකීය කාර්යයේ? නිරත වෙයි.

විශ්වවිද්‍යාල සිසුන් ප‍්‍රතිපාදන ඉල්ලා මහපාරේ සටන් කරද්දි උපාධිධාරීන් මහින්ද චින්තනයෙන් ලබා දෙනවා යයි කියු රැකියා ඉල්ලා සත්‍යග‍්‍රහ පවත්වති. ඒ දෙස බලා හදවත උණු වූ අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන නායක හිමියෝ උපාධිය මුදලට විකුණන පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන මෙන් ඉල්ලා සිටින්නේ මහා කරුණාවෙනි.

සිරිපාල ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති වන විට සිරිසේන ලංකාවේ සෞඛ්‍ය ටෙන්ඩර් මගඩියක් බව කියයි.

හතලිස් වියැති ජයසුරිය මන්ත‍්‍රීතුමා තරුණ ජවය පෙන්වමින් බින්දුවටම දැවී යයි.

ගීතා පාත්තයෙකු වී තමන්ට කමිපියුටර් ජිල්මාට් කල බව කියා වැලපෙද්දි මාලනී පබා සමග පාර්ලිමේන්තුවට ඇතුල්වෙයි.

පබාගේ කඳුලූ ගම්පහ කරු ජයසුරිය පරදවාලූයේ ඔහුට කඳුලක් ඉතිරි කරමිනි.

රනිල් වික‍්‍රමසිංහ විපක්ෂ නායකධුරය චමල් රාජපක්ෂගෙන් ඉල්ලා ගනී.

ඇතුගල යයි – කෝන්ගහගේ එයි.

බලවත් ඇමතිවරු ගංවතුරට රූපවාහිනි තිරයේ විසඳුමි සපයයි.

දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටිය යුතු බව බොහෝ දෙනෙකුගේ මතය වී ඇත්තේ මීටර් ගණනක් ඉදිරියට ලිවිය හැකි ඉහත සිදුවීම් වැල නිසාය. නමුත් මේ අලූපාට අඳුරේ අප පසුබා සිටිය යුතුද?

මේ ප‍්‍රශ්නයට පිළිතුරක් ලංකා ඉරිදා සංග‍්‍රහයෙන් විමූ පිළිතුරක් ගෙන එනවා.

1942 පෙබරවාරි 18 වෙනිදා මියුනික් යුනිවසිටි එක රත්වෙනවා. හිටිලර්ගේ නාසි මනෝ විකාරයට විරුද්ධව කොල්ලො කෙල්ලො පාරට බැහැලා ලීෆ්ලට් බෙදනවා. නිකම්ම නෙමෙයි සංවිධානය වෙලා.

වයිට්රෝස් ඒක තමයි සංවිධානයේ නම.

ප‍්‍රචණ්ඩත්වයට ජාතිවාදයට විරුද්ධ මනුෂ්‍යත්වය වෙනුවෙන් ෆයිට් කරන ශිෂ්‍ය ව්‍යාපාරයක් වයිට්රෝස්.

වයිට් රෝස් සංවිධානය ගැන ගෙස්ටාෆෝ පොලීසිය, එස්.එස්.හමුදාව කොහොමත් ඇහැ ගහගෙන හිටියේ. උන් මේ කොල්ලො කෙල්ලො පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. මේ අතර ඉන්නවා ගිම්හානය වගේ උණුසුම් කෙල්ලෙක්. සොෆි ස්කොල්.

සොෆි තමයි වැඬේට නායකත්වය දෙන්නේ. ලීෆ්ලට් බෙදලා ඉවරවෙන්න කලින් සෙට් එකම ඇරස්ට් කරනවා.

නඩුවට දවස් හතරයි.

ලීෆ්ලට්ස් බෙදුවට දඩවම මරණයයි.

තමන් විශ්වාස කරන ඇත්ත වෙනුවෙන්

අවුරුදු විසිදෙකේදි ගිලටීන් එකට බෙල්ල තියපු රෝස කුසුම සොෆියා මග්දලේනා ස්කොල් මැරෙන්න මොහොතකට කලින් මෙහෙම කියනවා.

“අපේ මරණය දස දහස් ගණන් මිනිස්සුන්ව නැගිට්ටවන්නට හේතුවක් වෙනවා නම් අපි මැරුණම මොකද? ”

Advertisements

Leave a comment

Filed under Uncategorized

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s