ජාත්‍යන්තර වේදිකාව තුළ ජනමාධ්‍ය සම්බන්ධයෙන් ලංකාවට කළුපැල්ලමක් එකතු වෙලා

ප‍්‍ර- මර්දනයට එරෙහි මාධ්යවේදියෝ සංවිධානය එහි නමින්ම හඟවනව මර්ධනය පිළිබඳව.

චන්දන

ලංකාවෙ මාධ්‍යවේදීන්ට තියෙන මර්දනය සම්බන්ධයෙන් අපිට කතා කරන්න වෙන්නෙ සෘජුව ඔවුන්ට පහර දෙනවද? තර්ජනය කරනවද? කියන කාරණාවලින් විතරක් නෙවෙයි. ශාරීරික වශයෙන් ඔවුන්ට කෙරෙන නොයෙකුත් පීඩාවලට අමතරව එවැනි සිද්ධීන් පසුගිය කාලවලදි අපි අත්වින්ද. ඊට අමතරව මාධ්‍යවේදීන්ගේ කාර්්‍යාලවලට ඇවිල්ල කරන ප‍්‍රශ්න කිරීම්, ඔවුන්ගේ වෘත්තීය කටයුතුවලට බාධා කෙරෙන වෙනත් තර්ජනය කිරීම්, ඒ වගේම මාධ්‍ය ආයතනවලට කෙරෙන බාධා කිරීම්, දැන්වීම් ලබා නොදීමෙන් කෙරෙන බාධා කිරීම්  වගේ වක‍්‍ර වාරණයන් තියෙනවා. ඒ එක්කම පරිසරයේ තියෙන ප‍්‍රචන්ඩත්වය, මර්ධනකාරී තත්වය නිසා ජනමාධ්‍යවේදීන් බියපත්වෙලා තියෙනවා. ඒ නිසා ස්වයං වාරණයකට ගිහින් තියෙනවා. ඒ එක්කම රාජ්‍ය මාධ්‍ය විසින් විවිධ විදිහට රජයට අවශ්‍ය විදිහේ ආණ්ඩුවට අවශ්‍ය විදිහේ එහෙම නැත්නම් වෙනත් බළධාරීන්ට අවශ්‍ය විදිහේ ප‍්‍රකාශයන් නිකුත් කරනවා. නොයෙකුත් ප‍්‍රචාරයන් හරහා ජනමාධ්‍යවේදීන්ව අධෛර්්‍යයට පත්කරනවා. මේවා තුළින් මර්ධනයක් තියෙනවා කියල අපි විශ්වාස කරනවා. ඒ නිසාම තමයි, මර්ධනයට එරෙහි මාධ්‍යවේදියෝ, කියල සංවිධානයක් හදන්නත් අපිට සිද්ධවෙලා තියෙන්නෙ.

ප‍්‍ර- මාධ් ඉතිහාසය පුරාම දශක ගනනාවක සිට හැම ආණ්ඩුවක් තුළදිම මාධ්යවේදීන්ට විවධ තාඩන පීඩන එල්ල වුනා. වර්තමානයේ මේ තත්වය වැඩි වෙලාද, එය යම් තරමකින් හෝ මර්ධනය කරගැනීමට මාධ්යවේදීන්ට හැකිවෙලා තියෙනවාද ?

චන්දන

ඇත්තටම ජනමාධ්‍යවේදීන් හැටියට ඉතිහාසය පුරාම යම් ආකාරයකට හඬ නගා තියෙනවා. මර්ධනයට එහෙම නැත්නම් ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් සටන් පාඨයක් ඉදිරිපත්කරමින්  සංවිධානය වෙලා කටයුතු කරලා තියෙනවා, පුද්ගලයො හැටියට කටයුතු කරලා තියෙනවා. ඉතින් මේක අද වෙනකොට ඇතිවෙලා තියෙන තත්වය තමයි අපේ රටේ ප‍්‍රධාන පෙලේ මාධ්‍යවේදී සංවිධාන, ඒ වගේම මාධ්‍ය ක‍්‍රියාකාරීන් යම් ආකාරයකට නිහඬ කරවලා තියෙනවා. පසුගිය කාලයේ විශේෂයෙන්ම ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය කිරීම, ඊට අමතරව වෙනත් අපි නම් වශයෙන් සඳහන් කරන්න අවශ්‍ය නෑ. මාධ්‍යවේදීන් ගණනාවක් ඝාතනය කරල තියෙනවා. සමහරු අතුරුදහන් වෙලා තියෙනවා. දැන් ප‍්‍රදීප් එක්නැලිගොඩ මහත්තයා කොහේද ඉන්නෙ කියලා අපි දන්නෙ නැහැ. පොලිසියත් කියන්නෙ අපි දන්නෙ නැහැ කියලා. එතකොට මේ සිද්ධ වෙන්නෙ මොකක්ද කියන එක අපිට විශාල ගැටළුවක්.  ඒ කියන්නෙ විමර්ශනයක් කෙරෙනවනම් එක්නැලිගොඩ මහත්තයා සම්බන්ධයෙන්, ඒ ගැන තොරතුරු කියන්නත් ඔවුන් ඉදිරිපත් වෙන්නෙ නෑ. එතුමාගේ බිරිඳට කිසිම තොරතුරක් නෑ. එතකොට මේ තත්වය තුළ අද ඉතාමත් නරක තත්වයක් තියෙනවා කියන එක තමයි අපි විශ්වාස කරන්නෙ. මොකද එක පැත්තකින් සත්‍ය ප‍්‍රකාශ කිරීම  සඳහා, එහෙම නැත්නම් තොරතුරු ප‍්‍රකාශ කිරීම සඳහා ජනමාධ්‍යවේදීන් ස්වයං වාරණයක ඉන්න අතර තවත් පැත්තකින් ප‍්‍රායෝගිකව ජනමාධ්‍යවේදීන් අතුරුදහන් වෙනවා. ඔවුන්ට තර්ජනාත්මක තත්වයක් උදාවෙලා තියෙන තත්වයක් තියෙනවා.

ප‍්‍ර- මේ යුගයේ රි ලාංකේය අත්දැකීම් වලට සාපේක්ෂව ලෝකයේ තත්වය ඔබ දකින ආකාරය.

චන්දන

මේ තත්ත්්වය ජාත්‍යන්තර වශයෙන් මෙහෙම නෑ, ලංකාවෙ විතරයි මෙහෙම කියන අදහස නෙවෙයි අපිට තියෙන්නෙ. අපේ රටේ යම් පාලනයක් තියෙනව කියල අපි විශ්වාස කරනවා, ප‍්‍රජාතන්ත‍්‍රවාදය තියෙනවා කියල විශ්වාස කරනවා. ඒ වුනාට ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ, ලෝකය පුරාමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයන් තියෙනවා කියන පරිසරයෙ තමයි මේ සටන සිද්ධ වෙන්නෙ. විශේෂයෙන්ම පිලිපීනයේ මැතිවරණයකට මුහුණදෙන අවස්ථාවෙදි තමයි ඒ මාධ්‍යවේදීන් පැහැරගෙන ගිහිල්ලා ඝාතනය කරන්නෙ. එතකොට මේක ලෝකෙ පුරාමත් පහුගිය කාලය පුරාම වර්ධනය වෙලා තියෙන තත්වයක්. ඒ නිසා ලෝකය පුරාම ජනමාධ්‍ය සංවිධාන ක‍්‍රියාකාරීත්වයක විශාල කැපකිරීමක් කරමින් ඉන්නෙ. ලංකාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වෙලා තියෙන්නෙ පසුගිය කාලයේ ජාත්‍යන්තර වේදිකාව තුළ ජනමාධ්‍ය සම්බන්ධයෙන් ලංකාවට කලූ පැල්ලමක් එකතු වෙලා තියෙන නිසා.

ප‍්‍ර- මාධ් නිදහස පළිබඳව අපි බොහෝ දුරට කථා කරන්නේ බටහිරට සාපේක්ෂව. බටහිර රටවල මාධ්යවේදීන්ට නිදහස ඔබ දකින්නේ කොහොම ද?

චන්දන

අපේ රටේ තියෙන සමාජ සංවර්ධන තත්වයයි, බටහිර දියුණු ධනේශ්වර  රටවල තියෙන තත්වයයි නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදි ආකල්ප වල තත්වය සහ අපේ රටේ තත්වය මෙතනදි බලපානවා. නමුත් අපි විශ්වාස කරන්නෙ බටහිරද පෙරදිගද ලංකාවද වෙනත් රටවල්ද කියන එක නෙවෙයි. අපි කියන්නෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් තියෙන්නෙ කියලා. එතකොට අපේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් අපිට දිගු ඉතිහාසයක් තියෙනවා කියලා අපි උදම් අනන අතරේ ඒ එක්කම මැතිවරණ පවත්වන්න අපි ඉතාමත්ම උනන්දු රටක් හැටියට පිළීගන්න අතරේ, ඒ එක්කම මැතිවරණ වලින් ජයග‍්‍රහණය කරපු ආණ්ඩුවක් බලයෙ තියෙන තත්වයක් ඒ කියන්නෙ ජනතා නියෝජිතයන් පත් කරගත්ත පාර්ලිමේන්තුවක් අපිට තියෙන්නෙ. එතකොට ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදි සීමාව ඇතුළෙ මීට වඩා අදහස් ප‍්‍රකාශ කරන්න, විරුද්ධ මත ඉවසන්න පුලූළුවන් නිදහසක් තියෙන්න  ඕන රටක් මේක. ඒ මත ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් බටහිර රටවල් වලට වඩා අපේ රටේ යම් අඩුපාඩුකම් තියෙන්න පුලූවන්. ඉස්සරහට ඇවිල්ලා කතාකරන්න චකිතයක් අපේ අත්දැකීම් එක්ක. නමුත් බටහිර රටවල් වල ඒ තත්ත්්වය නැහැ. නොයෙකුත් මර්ධනකාරී තත්වයන් තියෙද්දිත් ජනතාව නිදහසේ අදහස් ප‍්‍රකාශ කරන, බය නැතුව උද්ඝෝෂණ වලට ඇවිල්ලා විරෝධය ප‍්‍රකාශ කරන එවැනි තත්වයක් තියෙනවා. අපේ රටේ තියෙන්නෙ යම් බියපත් කිරීමක් කලාට පස්සෙ ජනතාව නිහඬ වෙන තත්ත්වයක්. මේ මෑතකදි ඇති වෙලා තියෙන තතත්්වයක් තමයි රාජ්‍ය ප‍්‍රචන්ඩත්වය නිසාම ජනමාධ්‍යත් ජනතාවත් පොදුවේ යම් නිහඬතාවයක ඉන්නවා. මෙවැනි තත්වයන් නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනතුරට පත්වෙන්නෙ.

ප‍්‍ර- පසුගිය කාලේ ආන්දෝලනයට ලක් වූ සිදුවීමක් තමයි පුවත්පත් කතුවරයෙකු වන ඔබව අත්අඩංගුවට ගැනීම. එහි පස්බිම ඔබ විගරහ කරන්නේ කොහොම ද?

චන්දන

අත්අඩංගුවට ගැනීමට මූලික හේතුව හැටියට මගෙන් විමසනු ලැබුවේ ආරක්ෂක ලේකම්තුමා සම්බන්ධයෙන් ලියවුන ලියවිල්ලක් සම්බන්ධයෙන් යම් ප‍්‍රකාශයක් කරන්න කියලා. මට එන්න කිව්වෙ අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුවට. ඒ ප‍්‍රකාශය ගන්න අතරේ තමයි රැුඳවුම් නියෝගයක් තියෙනවා කියන අදහස මට කිව්වෙ. මම දන්න දේ තමයි ආරක්ෂක ලේකම්තුමා කියන්නෙ මේ රටේ ජනාධිපතිතුමාගේ සහෝදරයෙක් වුනත් ඔහු මහජන සේවකයෙක්. ආරක්ෂක ලේකම් කියල කියන්නෙ වැටුප් ලබන රජයේ සේවකයෙක්. එතකොට ඔහුට සම්බන්ධ ප‍්‍රවෘත්තියක් අපේ පුවත්පතේ පළවුනා කියන එකෙන් තමයි සිද්ධිය ආරම්භ වුනේ. ඉන්පස්සෙ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවෙදි ඔවුන් ප‍්‍රශ්න කලේ රාජපක්ෂ පවුලට විරුද්ධව ලියනවද කියන එක. මේක බරපතල තත්ත්්වයක් මොකද ආරක්ෂක ලේකම්තුමා රාජපක්ෂ කෙනෙක් නිසාවත්, ජනාධිපතිතුමා රාජපක්ෂ කෙනෙක් නිසාවත්, ඒ තත්වයට විරුද්ධව ලියන්න අපට අවශ්‍යතාවයක් නැහැ. අපි රටේ යම් යම් තත්ත්වයන් පිළිබඳව ලිව්වෙ. ඒක රාජපක්ෂවරුන්ට විරුද්ධව ලිවීමක් හැටියට අර්ථදැක්වීම වැරදියි.

ප‍්‍ර- නමුත් පසුව ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් ඔබව නිදහස් කළා නේද ?

චන්දන

රාජ්‍ය මාධ්‍ය මගින් එවැනි ප‍්‍රචාරයක් අරන් ගියා. නමුත් ඇත්තටම සිද්ධ වුනේ දවස් 18ක් මාව රඳවා තබාගෙන තිබුනත්, මට විරුද්ධව ගොනු කරන්න චෝදනා තිබුනෙ නෑ. අන්තිම දවස් 3ක් 4ක් ඇතුළත මට දැනගන්න ලැබුනා, පරීක්ෂණ ඉදිරියට ගෙනියන්න අවශ්‍යද කියන එක නීතිපතිවරයාගේ අදහස් විමසනවා කියලා. ඒ අනුව නීතිපතිවරයාගේ තීරණය අනුව නිදහස් කරයිද නැද්ද කියලා නිළධාරීන් මට දැනුම් දුන්නා. මම දන්නෙ නැහැ ජනාධිපතිතුමා කොහොමද මේකට සම්බන්ධ වුනේ කියලා. ජනාධිපතිතුමා සම්බන්ධයෙන් ඔය ප‍්‍රකාශය කරන්න කලින් මම දැනගෙන හිටියා මාව අධිකරණයට, මහේස්ත‍්‍රාත්වරයාට ඉදිරිපත් කරලා නිදහස් කරනවා කියන එක.

ප‍්‍ර- දිගු කාලයක් රැුඳවුම් භාරයේ තබාගත් මාධ්යවේදී තිස්සනායගම් මහතා ජනාධිපතිවරයාගේ විශේෂ සමාවක් යටතේ නිදහස් කලා. මේ සම්බන්ධව ඔබේ සංගමයේ අදහස කුමක්ද ?

චන්දන

ඇත්තටම මොන හේතුවක් නිසා හෝ තිස්සනායගම් මහතා නිදහස් වීම සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා. මොකද අධිකරණයේ තීන්දුවක් මත තමයි ඔහුට දඬුවම් නියම කරනු ලැබුවේ. ඇත්තටම බෙදුම්වාදී ත‍්‍රස්තවාදය කියන එකේදී මිලිටරිමය ජයග‍්‍රහණයක් ලැබුවට පස්සේ ඉන්පස්සෙ කරන්න  ඕනෙ ඒකට පක්ෂපාතව ලියන අය දඩයම් කිරීම හෝ ඒ සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කරන එක නෙවෙයි, ඒ ප‍්‍රශ්නය විසඳන්න ආණ්ඩුව මැදිහත් වෙන්න. මොකද බෙදුම්වාදී මතයක් ප‍්‍රකාශ කරන්න කෙනෙකුට අවස්ථාව ලැබෙන්නෙ ඒකට අදාල පසක් තියෙනවානම්. බෙදුම්වාදී බීජයක් රෝපණය වෙන්නෙ අසමානතාවයක් ජනතාව අතර තියෙනවා නම් දෙමළ ජනතාවට විශේෂ ප‍්‍රශ්න තියෙනවා.

ප‍්‍ර- මේ පස්බිම තුළ ,මර්ධනයට එරෙහි මාධ්යවේදියෝ, ඉදිරි කටයුතු සිදුවන්නේ කුමණ ආකාරයෙන් ද?

චන්දන

මේකෙ පළවෙනි කාරණය තමයි මර්ධනයට එරෙහි මාධ්‍ය සංවිධානය බිහිවීම සිද්ධ වෙන්නේ අපේ රටේ මාධ්‍යයට මර්ධනයක් සිද්ධ වෙන නිසා. ඉතින් මර්ධනයක් කෙරෙන්නේ නැත්නම් මේ සංවිධානය පවත්වා ගත යුතු නැහැ. ඒ නිසා අපි රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ සංවිධානය ඉක්මනින් අවසන් කරන්න අපට උදව් කරන්න කියලා. වැරදි කරනවා නම් මාධ්‍යවේදීන් සම්බන්ධයෙනුත් කටයුතු කරන්න නීති තියෙනවා. යොදා ගන්නේ ත‍්‍රස්ත‍්‍රවාදය වැළැක්වීමේ පනත උනාට සාමාන්‍ය සිවිල් නීති තියෙනවා. එතකොට අපි වැරුද්දක් කරනවා නම් නිතිය ඉදිරියට ගෙනියන්න. ඒ වගේමයි අපි ඉදිරිපත් කරන තොරතුරු සම්බන්ධයෙන් යම් විමර්ශනයක් කරන්න. ඉතින් රටේ ජනතාව තමයි තීරණය කරන්නේ රටේ ජනමාධ්‍ය ඉදිරිපත් කරන තොරතුරු හරිද වැරදිද කියලා. මගේ ප‍්‍රාර්ථනාව මේක වැඩිකල් තිබිය යුතු සංවිධානයක් නෙමෙයි. ආණ්ඩුවෙන් හෝ වෙනත් බලධාරීන්ගේ පැත්තෙන් ජනමාධ්‍යය මර්දනයට එල්ලවන මේ සංවිධානය සක‍්‍රීයයි. මේ සංවිධානයේ ක‍්‍රියාකාරීන් ඉතාම කැපවීමෙන් ජනමාධ්‍ය වෙනුවෙන් හඬ නගන්න ජනමාධ්‍යවේදීන් වගේම ජනමාධ්‍ය ආයතනවල නිදහස වෙනුවෙන් හඬ නගන්න කැපවී සිිටිනවා.

Advertisements

Leave a comment

Filed under Uncategorized

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s