මකා දැමූ සැබෑ සටන් පාඨ සොයා යාම

(මාධ්‍ය නිදහස – ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා අරගලය සැබෑ මහජන ව්‍යාපාරයක් වීමටනම්…)

තිස් අවුරුදු යුද්ධය සහ බෙදුම්වාදී යුද පෙරමුණ ෙමි වනවිට පරාජය කර තිෙබි. නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වන සටන තවමත් එතැනමය. මාධ්‍ය නිදහස-මාධ්‍යයට එරෙහිව මර්දන යන්ත‍්‍රය ක‍්‍රියාත්මක වීම මෙන්ම මාධ්‍යෙවිදියාට එරෙහිව වන යුද්ධය ඇවිලි තිෙබි. 2006 වසරේ සිට වර්තමානය දක්වා ඝාතනයට ලක්වී ඇති මාධ්‍යවේදින් සංඛ්‍යාව 10කි. පහරකෑමට ලක්වු මාධ්‍යවේදින් විශාල සංඛාවකි. මාධ්‍යවේදින් 20කට අධික පිරිසක් මර්දනය හමුවේ රට හැරගොස් තිබේ. ඇතැම් මාධ්‍යවේදින් අතුරුදන්ය. ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදි එක්නැලිගොඩ අතුරුදන් කරවීම මෙහි නවතම පරිචිෙඡ්දයයි. නමුත් මේ සිදුවීම් රජයට නොපෙනෙයි. රජය දිගින් දිගටම ප‍්‍රකාශකලේ ඔහු සැඟව සිටින බවයි. රජයට අනුව එය බරපතල තත්ත්වයක් නොවේ.

ඉහත තොරතුරු කියාපාන්නේ ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, අදහස් ප‍්‍රකාශ කිරිමේ හා ගවේෂණාත්මක වාර්තා කිරීමේ නිදහස ෙඛිදවාචකයක් බවය. මෙය මහින්ද රාජපක්ෂ රජය යටතේ ශ‍්‍රී ලංකාව තුල පමණක් නිර්මිත තත්ත්වයක් නොවේ. සංවර්ධනය වෙමින් පවතිණ බොහෝ රටවල මෙන්ම ඒකාධිපති පාලන තන්ත‍්‍ර පවතින බොහෝ රටවල නිදසුන් අනුව මෙය පොදු අද්දැකීමකි. නමුත් මර්දනකාරි යන්ත‍්‍රය පණගැන්වු බොහෝ රාජ්‍ය තුල විපක්ෂ බලවේග ශක්තිමත් කරලමින් අදීනව නැගී සිටින්නට මාධ්‍යවේදිහු සමත්වුහ. මාධ්‍ය මර්දනය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සීමා පැනවීම හමුවේ එය රැුක ගැනීම සඳහා මාධ්‍යවේදීන් සමග ජනතාවෝ පෙරට ඇදුනාහ. ශ‍්‍රී ලංකා විෂයෙහි මෙවැනි ප‍්‍රවණතාවක් දක්නට නැත.

මාධ්‍ය මර්දනයට හෝ පීඩනයන්ට එරෙහිව මහජන ක‍්‍රියාකාරිත්වයක් දක්නට නැත. මාධ්‍යවේදීන් වෙනුවෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් මහමගට බසින පුරවැසියන් ලංකාවේ නොමැත. ෙමි නිහක්‍ෂව දරා සිටිමේ තත්ත්වය හමුවේ මාධ්‍යෙවිදින්ට, ඇතැම් මාධ්‍ය සංවිධාන නියෝජිතයින්ට සිදුව ඇත්තේ රට හැර යන්නටය. විවිධ ආයතන තුල විසිර සිටින මාධ්‍යෙවිදින් එක මිටකට ගොනු කරලීමේ විභවයක් පවා අද මාධ්‍ය වෘත්තිය සගයන් තුල නොමැත. මාධ්‍යෙවිදින්ට සිදුව ඇත්තේ ස්වයංවාරණයට යටත්වීමටය. එසේත් නොමැතිනමි රාජ්‍ය මාධ්‍ය ආදර්ශය කොට ගනිමින් ඊට නොදෙවෙනි නින්දිත ආකාරයෙන් පවතින ක‍්‍රමයට අනුගත වීමටය. ස්වකීය මාධ්‍ය සොයුරෙකු විපතට පත්වු අවස්ථාවකදි පවා නෑසුකන්ව මුවගොළුව සිටිමටය.

ලංකාවේ මාධ්‍යෙවිදියා මෙවැනි හුදකලා ව්‍යසනයක් වෙත ඇද වැටුනේ කුමක් නිසා ද? ඔහුට රැකවරණය සලසන සිවිල් සමාජයක් හෝ පුරවැසියන් පිරිසක් නොමැත්තේ ඇයි. මෙය රාජපක්ෂ පාලනය හෝ වෙනත් රාජ්‍ය පාලන තන්ත‍්‍රයක සෙවණැල්ලෙන් පමණක් පැනනැගුන තත්වයක්ද?

සියල්ල සිදුවී අවසන් බව හඟිමින් වර්තමානය තුල විග‍්‍රහයන් සිදුකිරිමෙන් නොනැවතී මෙම තත්ත්වයට පසුබිම් වු සාධක සොයා යා යුතු බව ෙමි ලියුම්කරුවාගේ විශ්වාසයයි.

මේ ගෙවිෂණයේ ආරම්භයක් වශයෙන් අපි මාධ්‍ය මර්දනයේ එක් කේන්ද්‍රීය සිදුවීමක් වෙත අවධානය යොමු කරමු. ඒ 1990 වසරේ සිදුවු රිචඞ් ද සොයිසා ඝාතනයයි කුරිරු වධ බන්ධනයට ලක් කරමින් රිචඞ් ඝාතනය කල ඝාතකයින්ගේ අපේක්ෂාවන් ව්‍යර්ථ කරමින් මොරටුව කොරලවැල්ලට ගොඩගැසු රිචඞ්ගේ දේහය සත්‍ය හෙළිිදරව් කරනමෙන් ඉල්ලා සිටියේය. එතැන් සිට යුක්තිය ඉල්ලා සිටි සුවහසක් ජනතාව සමග මර්දනකාරි පේ‍්‍රමදාස පාලනයට එරෙහිව ඉදිරියට පැමිණියේ රිචඞ්ගේ ඝාතනයයි.

රිචඞ්ගේ මව වෛද්‍ය මනෝරාණි සරවනමුත්තු මහත්මිය රිචඞ් ඝාතකයන්ට එරෙහිව ඉදිරියට පැමිණියාය. පසුකලෙක නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කනපිට හැරවු සුනන්ද දේශප‍්‍රියගේ යුක්තිය පුවත්පත ඇතුලූ විවිධ පිරිස් එක්වී රිචඞ් රාජනි සමරු පැවැත්වුහ. අවසානයේ සියල්ල පළමුතැනට පැමිණියේ චන්දී‍්‍රකා බණ්ඩාරනායක කුමාරතුංගගේ පාලනය 1994 වසරේ ආරම්භ වීමත් සමගිනි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සලකුන චන්ද්‍රීකා බවට භෞතිස්ම කල විශ‍්‍රාමික කැරලිකරුවෙකු වු රාවය කතුවරයා චන්ද්‍රීකා රජයේ අග‍්‍රපුරෝහිතභාවය නොලැබීම හේතුවෙන් සදාකලටම විරසක විය. දේවසරණ-මර්ජ් වැනි සංවිධාන හරහා ක්‍රෝ්න, ඩොලර් ස්පර්ශ කල තවත් හිටපු කැරලිකරුවෙකු වූ යුක්තිය කතුවරයා මාධ්‍යවේදියා සහ රාජ්‍ය නොවන සංවිධාන එකක් බවට පත්කිරිෙමි ඉන්ද්‍රජාල යෂ්ඨිය අතැතිව සිටියේය. විකල්පය වෙනුවෙන් දකුණු වෙරළතිරය ගොඩගලන බව කියූ ඩලස් අලහපෙරුම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තම ආත්මය කොට ගනිමින් සිටියේය. විකල්ප මාධ්‍යෙවිදින් ලෙස කටයුතු කල බොහෝ දෙනෙක් රජයේ තනතුරු ලබාගත් අතර රාජ්‍ය මාධ්‍ය ගොහොරුවේ ගිලි ගියේය. තවත් පිරිසක් යුක්තියෙහි සුනන්ද දේශප‍්‍රියලාගේ අඩිපාරේ ගමන් කරමින් රාජ්‍ය නොවන සංවිධාන නැමැති මුදල් උල්පත තුල සැඟව යන්නට වූහ.

අවසානයේ තම පුතු ඇතුලූ ඝාතනයට ලක්වුවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටි රිචඞ්ගේ මව මනෝරාණි මහත්මිය සමග වුයේ ඉතා සුලූ පිරිසකි. චන්ද්‍රීකා ජනාධිපති ධුරයට පත්වි මඳකලක් ගිය පසු තමන් චන්ද්‍රීකා ගේ නින්දිත දේශපාලන උගුලකට හසුවු බව ඇයට වැටහින. කිසිදු විටෙක මාධ්‍යවේදි රිචඞ්ද සොයිසා පිළිබඳ යුක්තිය ඉටුවුයේ නැත. මනෝරාණී තම අවසන් හුස්ම හෙලන්නට ඇත්තේ තමා අතැර ගිය ගුණමකු ගැහැණුන් සහ මිනිසුන් පිළිබඳ මහා කලකිරිමකිනි.

චන්ද්‍රීකා යුගයේ පුර්වභාගය තුල දකුණේ නිල ලත් මාධ්‍ය මර්ධනය එක්පසෙක පෙළගැසෙද්දි උතුරේ ප‍්‍රභාකරන් යටතේ නිල නොලත් මාධ්‍ය මර්දනය ක‍්‍රියාත්මක විය. මෙයට මුහුණ දෙමින් සටන්කාමි ලෙස මාධ්‍යෙවිදින් ඒකරාශි වනු වෙනුවට උතුරේත් දකුණේත් පීඩාවට පත්ව සිටින සාමාන්‍ය ජනතාවගේ සැබෑ හක්‍ෂ බවට පත්වනු වෙනුවට එදා මාධ්‍ය ව්‍යාපාරය වශයෙන් පැවති ක‍්‍රියාකාරිත්වය තෝරා ගත්තේ වෙනත් මගකි. එය වර්තමාන කථාවේ ආරම්භයයි.

චන්ද්‍රීකාගේ ජයග‍්‍රහණය සමග සාම ක‍්‍රියාදාමය නැමැති වචනය පුනර්ජිවනය ලැබීය. යුදමය තත්වයෙන් දශක කිහිපයක් පීඩාවට පත් සුවහසක් ලාංකිය ජනතාවගේ ගැටුම් අවසන් කිරිමේ අභිප‍්‍රාය රාජ්‍ය නොවන සංවිධාන සඳහා සරු පසක් නිර්මාණය කරමින් පැවතියේය. සාමය ගොඩනැංවීම ඉලක්ක කරගත් රාජ්‍ය නොවන සංවිධාන හතුමෙන් පිපෙන්නට විය. එන්.ජී. ඕ නමින් කුඩා දරුවන් පවා හඳුන්වන රාජ්‍ය නොවන සංවිධාන ලංකාවට සාමය උදාකරලීමට ගත් උද්යෝගීමත් ප‍්‍රයත්නය සහ තම සාක්කු ඩොලර්-ක්‍රෝන වලින් පුරවාගත් පරමෝත්කර්ශය ශාස්ත‍්‍රිය පර්යේෂණයකට ලක්කලයුතු මාතෘකාවකි. ශ‍්‍රී ලංකාව නැමැති ජාතික රාජ්‍ය පැවතුනේ භුමියේ සැලකිය යුතු ප‍්‍රමාණයකට තම බලය පැතිරිය නොහැකි වු කොටුකෙරුනු වපසරියක් තුලය. මේ තීරණාත්මක පරිච්ඡේදය පුරාම සෑම එල්ටීටිඊ බෝම්බ ප‍්‍රහාරයක් සමගම රාජ්‍ය නොවන සංවිධාන සඳහා මුදල් ඉල්ලං මතුවන්නට විය. ඊනියා ජාත්‍යන්තර ප‍්‍රජාව තම උපායමාර්ගික අවශ්‍යතාවයන් සඳහා රාජ්‍ය නොවන සංවිධාන හරහා භුමියේ දේශපාලනය හසුරවන්නට වුහ.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ අනෙකුත් සිවිල් සමාජ චරිත බවට පත්ව සිටි මාධ්‍යවේදින්ට පෑදුනේ මෙම කප්රුකයි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත සාම ක‍්‍රියාකාරකම් මුල්කර ගනිමින් මුදල් ගලා ඒම ඇරඹුනි. ප‍්‍රාදේශීය මාධ්‍ය සංවිධාන මෙන්ම විවිධ සාම ව්‍යාපෘති හරහා මුදල් ගිණුම්වල පිරීගියේය. ස්වාධින මාධ්‍ය ව්‍යාපාරයක් වශයෙන් නැගී සිටිනු වෙනුවට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ගමන් මග තීරණාත්මක වෙනසකට ලක්කෙරුණි. (හිත රිදවා ගන්නා සුනන්ද දේශප‍්‍රිය පන්නයේ මහත්වරුනි මා යුධවාදියෙක් කර ගිලටීනය කරා නොයවන්න) ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය වෘත්තිකයන්ගේ ශක්තිමත් කොඳු ඇට පෙල බිඳ දමමින් ඔබලා මීට පෙරද සිදුකරන ලද්දේ එම ඓතිහාසික වරදයි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තම උරුමය කරගත යුතු මාධ්‍ය වෘත්තිය අයිතීන් දිනා ගැනීමේ සටන සහ මර්දනයට එරෙහි සටන වෙනුවට සාම ව්‍යාපාරය තම ඉලක්කය කොට ගත්තේය. මා සාම ව්‍යාපාරය වශයෙන් හැඳින්වුයේ සාමය පෙන්වමින් සිදුකරන ලද මුදල් ඉපයීමේ ව්‍යාපාරයයි. පොදු සටන් වෙනුවෙන් මාධ්‍යවේදින් එක්රැස් කලයුතු සටන්බිම මාධ්‍යෙවිදියාට අහිමිවිය. සුනන්දලාට අනුව මාධ්‍යෙවිදීන් සාමවාදි මාධ්‍යවේදින් සහ යුධවාදී මාධ්‍යවේදින් වශයෙන් කාණ්ඩගත කෙරුනි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ දෘෂ්ඨිමය අන්ධභාවය පසුකාලීනව සමාජයේ කටහක්‍ෂ වසාදැමීම සඳහා රාජ්‍ය මර්දන යන්ත‍්‍රයට කදිම මංපෙතක් සාදා දුන්නේය.

සුනන්දලාගේ දෘෂ්ඨිමය අන්ධභාවය හෝ තක්කඩිභාවය හෝ එසේ නැත්නම් මේ දෙකෙහිම ප‍්‍රතිඵලයක් වශයෙන් මාධ්‍ය සටන් ශක්තියෙන් සාමුහික බැදීමෙන් හීනවිය. මාධ්‍යවේදියා වඩවඩාත් අනාරක්ෂිත විය. හුදෙකලා විය. මාධ්‍ය මර්දනයට ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහි සටන රාජ්‍ය නොවන සංවිධානවලට ලියාදුන් ප‍්‍රහසනයක් බවට පත්විය. ප‍්‍රතිඵලය වුයේ මාධ්‍ය ව්‍යාපාරය සමග භුමියේ එක්රැස්විය යුතු පොදු ජනතාව මාධ්‍යවේදින් හැරදමා යාමයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා එක්ව සිදුකල යුතු සාමුහික අරගලයෙන් මාධ්‍යවේදියා ඉවත්ව යාමයි. ඒ වෙනුවට රාජ්‍ය නොවන සංවිධානවල මුදලට බස්රථ වලින් ගෙනෙන ලද කුලි උද්ඝෝෂක ඔලූගෙඩි වලින් ලිප්ටන් වටරවුම අපවිත‍්‍රව යාමයි.

රිචඞ්ලාගේ මෘතදේහය මතින් නැගීසිටි සුනන්ද දේශප‍්‍රිය ඇතුලූ සාම ව්‍යාපාරිකයින්ට නිදහස් මාධ්‍ය ව්‍යපාරයේ මදය කා දැමිය හැකි විය. තම මතයට එක්නොවන සියලූම දෙනා සුනන්දලා විසින් තම ප‍්‍රතිවාදියා කර ගත්තේය. අවසාන තීරණාත්මක මොහොතේදි මහින්ද රාජපක්ෂ රජය නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සෙවණැල්ල වැටුනු තැන් පවා තම බල ව්‍යාපෘතියේ ඉන්ධන බවට පත් කරගත්තේය.

පෝද්දල ජයන්ත පිළිබඳ කතා පුවත මීට කදිම නිදසුනකි. වෘත්තීය පත‍්‍රකලාවේදින්ගේ සංගමයේ සභාපති ධුරයට පත්වු පෝද්දල සහ සනත් වෘත්තිය සගයන් තුළ පවා යම් විශ්වාසයක් දිනාගත්තවුන් විය. සුනන්දලාගේ ලාභ ලබාදෙන නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සෙවණැල්ල මෙම චරිත වෙත වැටී තිබුනද භුමියේ මාධ්‍ය වෘත්තිකයන් වෙනුවෙන් යමිකිසි මෙහෙවරක ඔවුන් නිරතව සිටියහ. සැබැවින්ම සැලකිය යුතු සාමාජිකත්වයක් පැවතියේ පෝද්දලගේ නායකත්වයෙන් යුතු වෘත්තිය පත‍්‍රකලාවේදින්ගේ සංගමයේ පමණි. (නමුත් එයට පවා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ දෘෂ්ඨිමය අන්ධභාවය බලපෑ අතර නිලවරණවලදි එම තත්වය මනාව කැපී පෙනුනි) එබැවින්ම ඔහු නිහඩ කිරීම පාලන තන්ත‍්‍රයේ අවශ්‍යතාවය විය.

වරක් පෝද්දලගේ නිවසට මහ ? පොලිසිය පැමිණ තිබුනේය. නමුත් එය අත්වැරැද්දක් බව මාධ්‍ය අමාත්‍යවරයා පසුව ප‍්‍රකාශ කලේය. අනතුරුව පළමු වරද සිදු නොවීය. පෝද්දල පැහැර ගැනීමට ලක්වු අතර පහරදී දෙපා කඩාදමා කෘර වධහිංසනයට ලක් කෙරුනි. රිචඞ් ඝාතනය මෙන්ම ප‍්‍රහාරයන්ටත් වගකිව යුත්තන් ජනතාව හමුවට ගෙනඒම සඳහා තෙරපුමක් ඇතිකිරීමට මාධ්‍ය වෘත්තිය සමිති ව්‍යාපාරයට තවදුරටත් නොහැකි බව එමගින් ප‍්‍රකාශ කෙරුනි. මෙය අනියමින් නොව සෘජුලෙසම මර්දකයාට තම ශක්තිය උරලඟා බැලීමක් විය.

වඩා දුක්බර සිදුවීම වන්නේ පෝද්දලගේ දරුවා පවා පාසලේ හිංසනයට ලක්වන ආකාරයේ පසුබිමක් නිර්මාණය වීමයි. සුනන්දලා සටන්පාඨවලට මුවා වෙමින් ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය මර්දනය අළෙවි කරමින් අතිවිශාල අරමුදලක භාරකරුවෙකු වු අතර පෝද්දලලා හුදකලා බිහිසුණුු ඉරණමකට ගොදුරුවීම ෙඛිදයකි.

මේ වනවිට සුනන්ද මෙන්ම පෝද්දල ඇතුලූ බොහෝ දෙනෙක් ආරක්ෂාව පතා විදෙස්ගතව සිටිති. මේ අතර ඇතැම් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් ඉතා දුෂ්කර රැුකියාවල නිරතව සිටිති. තවත් පිරිසක් බීමතින් යුරොපයේ වීථි පුරා ඇවිද යන බව පවසන්නේ ඒ රටවල වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ය. සුනන්දලා විසින් මුදාහල ව්‍යාජ දෘෂ්ඨිවාදය රාජපක්ෂ පාලනයට අනියමින් මෙන්ම සෘජුවද සහය ලබාදෙමින් තිබේ.

දිනපතා එක්වන අලූත් සිදුවීම් උමතු කරවන සුලූය. එක් පසෙකින් පරමාදර්ශී රාවය කතුවරයා ලංකා කතෘ චන්දන සිරිමල්වත්ත රැුඳවුම්ගත කර ඇති බව (දින 17ක් ගතවු පසු) සංවේදි නායකයාට දන්වයි. නමුත් ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කර දින 100කටත් වඩා ගතවී ඇති බව දැන්වීම හිතාමතාම අමතක කරයි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ අතිවිශාල අරමුදලට සිදුවුයේ කුමක්ද? මුදල් ලබාදුන් ව්‍යාපෘති මොනවාදැයි සුනන්ද දේශප‍්‍රියගෙන් ඇසුවිට ඔහු එක්වරම දෙවරක් චක්කරය පාඩම් නැති පහවසර දරුවෙකු බවට පත්විය. ඒ අතරම ආචාර්ය මර්වින් සිල්වා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධුරයට පත්වී දින කිහිපයකින් ඉවත්වෙයි. තම ස්වාමියා සොයාදෙන මෙන් ඉල්ලා ප‍්‍රගීත්ගේ බිරිඳ සන්ධ්‍ය සහ දරුවන් පාර්ලිමේන්තු දොරටුව ඉදිරිපිට පත‍්‍රිකා බෙදයි.

මේ සිදුවීම් වැලේ හෙටදවස කුමක්ද? එය නවතාලියහැක්කේ කෙසේද? සුනන්දලා විසින් මග අතහැර දමන ලද සැබෑ මාධ්‍ය වෘත්තිය ව්‍යාපාරයක සටන්පාඨ ඔසවා ගැනීමට පොදු ජනතාවද එක්කර ගනිමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලා සිටීම එහි එකම අරමුණ විය යුතුය. සුනන්දලා වැනි මාධ්‍ය ව්‍යාපාරිකයන් විසින් සුක්ෂමව අඳින ලද මාධ්‍යවේදින්ගේ බෙදුම් රේඛාව මකා දැමීමද ඊට පළමුව සිදුකල යුතු අනිවාර්ය කටයුත්තකි.

මේ වියමනේ අවසානයට මා ලද අද්දැකීමක් එක් කරමි.

ඒ ජාත්‍යන්තර නිදහස් මාධ්‍ය දිනයට පසු දිනයයි. මැයි 4 වෙනිදා ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කර දින සීයක් ගතවීම නිමිත්තෙන් කොළඹ කොටුවේ උද්ඝෝෂණයක් මර්ධනයට එරෙහි මාධ්‍යවේදියෝ සංවිධානය විසින් ඉතා කෙටි දැනුම්දීමකින් කැඳවා තිබුනි. පෞද්ගලිකව කිසිවෙකුට ආරාධනා නොකෙරුනු එම කටයුත්තට එක්වීමට කොටුව දුමිරිය පොලට එන අතර ප‍්‍රකට මාධ්‍යවේදියෙකු මට හමුවිය. මම ඔහුට විරෝධතා ව්‍යාපාරය ගැන කීවෙමි.

“මං ඒක දන්නවා ඒත් මට, අපේ සංවිධානෙට කවුරුවත් ආරාධනා කලේ නැහැ. අනික මේක අහවලූන්ගේ වැඩක් නේද? ”

මාධ්‍ය වෘත්තිය වපසරිය තුල මෙවන් විකෘතින් තව කොතෙක් කල් පවතීද? මම එක් පැනයක් යොමු කලෙමි.

“ඉතින් ඔයාලට මේ දවසේ ප‍්‍රගීත් වෙනුවෙන් ලොකු වැඩක් කරන්න තිබුනනේ.”

ඔහු පසුබා ගියේය.

“අපේ කට්ටිය රටනේ ”

මෙයටත් වඩා කුහකත්වයක් පවතීද? මාධ්‍යවේදියා පොදු ජනතාවගෙන් වෙන් කරනු ලැබු ඓතිහාසික වරද මෙවැනි පිරිස් වටහා ගන්නේ කවදාද? ප‍්‍රගීත්ලා අතුරුදන් කර මාධ්‍යවේදින් පහරදීමට හා ඝාතනයට ලක්කල ශක්තිය මර්ධකයාට ලබාදීමේ සුනන්දලා සිදුකල ඓතිහාසික වරද නිවැරදි කරන්නේ කවදාද?

මේ සියල්ල නැවත නැවතත් අවධාරණය කරගනිමින් ව්‍යාජ මාධ්‍ය ව්‍යාපාරිකයන් මකාදැමු සැබෑ සටන්පාඨ අතටගතයුතු කාලය එළඹ තිබේ. මාධ්‍ය මර්දනයට එරෙහි ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වන අරගලය හුදකලා අරගලයක් නොවන්නේ සියල්ලන්ගේම සාමුහික දායකත්වය ඒ සඳහා එක්වුවහොත් පමනි.

–          තාරක

Advertisements

Leave a comment

Filed under Uncategorized

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s