කවුළුව තුළින් පෙනෙන
කොට්ටම්බා ගස
රත් පැහැය පොරවගෙන
මම කවුළුවෙන්
කොට්ටම්බා ගස දෙස
බලා සිටිමි.
සැනින් මසිතද රත් පැහැතිවෙයි.
මසිත තැවුලින් බරවූ විට
ඒ රත් පැහැය වැළඳගමි.
කඩා වැටෙන්නට බරවූ
පත් අතර සැඟවෙමි…
රත් පැහැය තුළ සැඟවෙමි…
ඔබ එය නොදනියි
නොදකියි…
ඒ ඔබ
කොට්ටම්බා ගස ද
විටෙක මා සිත ද
නොදකින බැවිනි…
මම පත්ර ගිලිහෙන තුරුම
කොට්ටම්බා පත් අතර සැඟවෙමි…
රත් පැහැය තුළ සැඟවෙමි…
Advertisements