මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තවමත් ගෙවා දමමින් සිටින්නේ ස්වකීය පළමු ජනාධිපතිධූර කාලයේ අවසන් මාස කිහිපයයි. තමන් අවසන් විධායක ජනාධිපතිවරයා බවට 2005 වසරේදී සපත කළ ඔහු එළඹෙන්නේ විධායක ජනාධිපති ධූරයේ අවසාන නිලකාලය බව ප්‍රකාශ කලේය. ඔහුගේ රජය ප්‍රකාශ කලේය. ශ්‍රී ලාංකික දේශපාලන භාවිතයේ ප්රතිපත්තීන් යනු තවදුරටත් හුදු විකාර බව ප්රත්යක්ෂ කරමින් ඔහු නැවතත් ජනාධිපතිධූරයට තරඟ වැදුනේ පළමු ජනපතිධූර කාලය අවසන් වීමටත් මත්තෙනි.
යුධ ජයග්‍රහණයේ කීර්තිය සදාකාලිකව තොරොම්බල් කළ නොහැකි බව ඔහු වටහා ගන්නට ඇත. යුධ ජයග්‍රහණයේ රැස්මාලා මතින් ලාංකීය සමාජයේ තැරැුව්කාර බලවේගයන් එක පෙලකට එක්කර ගනිමින් කෙසේ හෝ දෙවන ධූර කාලය දිනා ගැනීමට රාජපක්ෂ ජනාධිපතිවරයා සමත්විය. දුඟඳ හමන යථාර්ථයේ විලවුන් ගැල්වීමට දේශපේ‍්‍රමී ජාතික නායකයින් සංවේදි කලාකරුවන් එකපෙලට රැස්වූහ.